බිරිඳ හැර ගියැයි තමන්ගේම ළදරු දරුවාට පහර දී විඩියෝ කර බිරිඳටම යැවු පියා - මුහුණටම 30 වතාවක් රතු වෙනකම් පහර දීලා.

China
By krishani Jul 26, 2023 03:04 PM GMT
krishani

krishani

Report

චීනයේ ගුවැන්ඩොං පළාතේ පුද්ගලයෙක් හැරගිය බිරිඳට තමන්ගේම දරුවාට පහරදෙන ආකාරය වීඩියෝ කර එම වීඩියෝව යවා තිබෙනවා.

ඩෙන්ග් නම් ඔහු මිනිත්තු භාගයක් තුළ තම ළදරු පුතාගේ මුහුණට 30 වතාවක් පමණ පහර දී ඇත.

එම පහරදීමෙන් බිළිඳා හඬා වැටෙන විට ඔහුගේ මුහුණ රතු වී ඉදිමෙන තුරු කම්මුල් පහර එල්ල කර තිබෙනවා.

අන්තර්ජාලය හරහා සංසරණය වුණු මේ විඩියෝව සම්බන්ධයෙන් චීනයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර දැඩි කෝපයක් ඇති කරන ලද පුවතක් විය.

කෙසේ වෙතත්, එම පුද්ගලයාගේ බිරිඳ වන චෙන් වන ළදරුවාගේ මව ඔහු හැර ගිය පසු දරුවා බලා ගෙන ඇත්තේ ඔහු විසින් ය.

ඇයව නැවත ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙන් වීඩියෝව ඇයට යවා ඇති බව චීන බලධාරීන් සඳහන් කළේ ය.   

ReeCha