මෙරට 12 වැඩි දරුවන්ට ලබාදෙන එන්නත සහ දිනය තීරණය කෙරේ.
අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් කරණය 21 දා සිට විශේෂ පිරිසකගෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ
ඒ නිදන්ගත රෝග සහිත අවුරුදු 12 ට වැඩි දරුවන්ට pfizer එන්නත ලබා ලබාදීමට තීරණය කර ඇති බවත් වන මස 21 වනදා සිට ඔවුන් සදහා එන්නත්කරණ කටයුතු ජේ රෝහල්වලදී සිදුකරන බව ලංකා ළමා රෝග වෛද්‍ය විශේෂඥ වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් දැනට නිර්මාණය වී නැති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
පාසැල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා නොදෙන ලෙසද ඉල්ලා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ඉතා තදින් සොයා බලන්නැයි ඉල්ලා සිටීයි.
පාසැල් සිසුන් එන්නත් කරන්නේ නම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් පමණක් යොදාගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටී. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වුවද ඒ ඒ වයස් කාණ්ඩ වලට සුදුසු එන්නත් පිළිබඳව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා එම පැහැදිලි කිරීම පහතින්