ළමා ශ්‍රමය වැළැක්වීමට දැඩි පියවරක් – දඩ මුදල දහගුණයකින් ඉහළ නංවයි

Report

ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයන්ට පනවනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, ස්ත්‍රීන්, තරුණයන් සහ ළමයින් සේවයේ යෙදවීම සම්බන්ධ පනත සංශෝධනය කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය ගැසට් පත්‍රය මගින්ද ප්‍රකාශයට පත් කර ඇත.

අයිරංගනී සේරසිංහ කලාකාරිණිය ගැන අසුබ ආරංචියක් - රංගන ශිල්පිනී යශෝදා සියල්ල පැහැදිලි කරයි

අයිරංගනී සේරසිංහ කලාකාරිණිය ගැන අසුබ ආරංචියක් - රංගන ශිල්පිනී යශෝදා සියල්ල පැහැදිලි කරයි

එම සංශෝධනය අනුව, ප්‍රසිද්ධ හෝ පෞද්ගලික කාර්මික ව්‍යාපාරයක වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකුට නඩු විභාගයකින් පසු රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් ගෙවීමට සිදුවේ.

මේ දක්වා එම දඩ මුදල රුපියල් 10,000ක් ලෙස පැවතිණි. නව පනත් කෙටුම්පත මගින්, එවැනි වරදකට වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් මෙන්ම මාස 12කට නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකෙන් එකක් හෝ දෙකම පැනවිය හැකි බව සඳහන් වේ.

මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය

මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය