අමෙරිකාව එල්ල කළ ප්‍රහාර මාලාව ඉරානය දැඩි ලෙස හෙළා දකී
තම දකුණු වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ආරක්ෂක අංශ එල්ල කළ නවතම ප්‍රහාර මාලාව ඉරානය විසින් දැඩි ලෙස හෙළා දැක ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාර ද්විපාර්ශ්වික සටන් විරාම ගිවිසුම සහ දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding) දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් වන බවයි.
අමෙරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාරය හරහා සිය කැපවීම් සහ පොරොන්දු ප්‍රසිද්ධියේ කඩ කර ඇති බවට ටෙහෙරාන් පාලනය සෘජුවම චෝදනා කරයි.
එමෙන්ම අමෙරිකාවේ මෙම හමුදාමය ආක්‍රමණශීලී ක්‍රියාකාරකම්වලට (US military aggression) එරෙහිව තම ජාතික ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාවය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටීමටත්, රට ආරක්ෂා කර ගැනීමටත් පසුබට නොවන බව ඉරානය දැඩිව අවධාරණය කරයි.