වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට...හමුදාව දුටු කඩු කල්ලියක් පැන දුවයි.

Police Murder Weeraketiya
By Aruna Sep 20, 2021 01:36 AM GMT
Aruna

Aruna

Report

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 14 වියේ පසුවන දරුවෙකු බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය විසින් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් උඩුවිල් ප්‍රදේශයේදී යුදහමුදාව විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී තියුනු කඩු 03 ක් දමාගොස් තිබියදී සොයාගත් බවට පොලීසිය පවසයි.

උඩුවිල් නැගෙනහිර ප්‍රදේශයේ ආයුධ කල්ලියක් විසින් කිසියම් අපරාධයකට සූදානම් වන බවට යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී තියුණු කඩු 03 ක් සොයාගැනීමට හැකිවී ඇත.

අදාල ස්ථානයේ කිසියම් පිරිසක් සිට ඇති බවට අනාවරනය වී ඇති අතර යුද හමුදාව එනු දැක එම පිරිස් කඩු දමා පලා ගොස් ඇති බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් අරඹ ඇති බවටද චුන්නාකම් පොලීසිය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now