කුඩා දරුවකුගේ කටට වෙඩි තබා කළ අපරාධය..

Crime Child harresment srilankan childran
By Sithumi Feb 14, 2022 05:42 PM GMT
Sithumi

Sithumi

Report

කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී 12 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

 කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ ගෙවත්තකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි ද පොලිසිය කියයි. මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතළ තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලීසිය කියයි. 

 මෙම සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයකු වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුව සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now