යාපනයේ මුහුද මැද ඊයේ ඉපදුනු බිළිදා " කඩල් කුමරන් "

Jaffna Sri Lanka
By Wayomi Jul 21, 2024 08:20 AM GMT
Wayomi

Wayomi

Report

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණෙමින් තිබූ බෝට්ටුවක් තුළදී කාන්තාවක් ඊයේ (20) පිරිමිදරුවකු ප්‍රසූත කර තිබෙනවා.

අදාල කාන්තාව බෝට්ටුවෙන් කුරීකඩ්ඩුවාන් වෙත පැමිණ දරු ප්‍රසූතිය සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිය සැමියා සමග පැමිණ ඇත.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.


එම අවස්ථාවේ ඇයට බෝට්ටුව තුළම ප්‍රසූත වේදනාව හටගෙන ඇති ගෙන තිබෙනවා.

එහිදී බෝට්ටු ක්‍රියාකරු වහාම මේ පිළිබදව ඩෙල්ෆ්ට් රෝහලට දැනුම් දීමෙන් පසුව එහි සිට ගිලන් රථ බෝට්ටුවක් වෛද්‍යවරයෙකු සමග පැමිණෙන අතරවාරයේ කාන්තාව බෝට්ටුව තුළ දරුවා ප්‍රසූත කර ඇත.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණිය.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණිය.


බෝට්ටුවේ සිටි වැඩිහිටිකාන්තාවන් පිරිසක් ඇය රෙදිවලින් වටකොට කොට ගුරුහරුකම් හා වින්නඹු සේවාවන් ලබා දෙමින් දරුවා ප්‍රසූත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

මුහුද මැදට පැමිණි වෛද්‍යවරයා රැගත් බෝට්ටුව තුලට කාන්තාව හා දරුවා දමාගෙන ගොස් කුරීකඩ්ඩුවාන් ජැටියේදී ගිලන් රථයක් ලබා ගෙන ඒ දෙදෙනාම යාපනය ශීක්ෂණ රෝහලට අතුළත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.


යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ දරුවා හා මව ඉතා සනීපයෙන් සිටින බවත්, මුහුද මැදදී එම දරුවා උපන් නිසා එම බිළිදාට කඩල් කුමරන් ( මුහුදු කුමාරයා ) ලෙස නම තැබීමට දෙමව්පියන් තීරණය කර ඇති බවත් සඳහන්.  

නව පුහුණුකරු සනත් සියළු ක්‍රීඩකයින්ගේ කොණ්ඩේ කපලා.. තවත් වැඩක් කරලා. - (VIDEO)

නව පුහුණුකරු සනත් සියළු ක්‍රීඩකයින්ගේ කොණ්ඩේ කපලා.. තවත් වැඩක් කරලා. - (VIDEO)