වීඩියෝ ගේම් ගහන්න කරපු වැඩක් නිසා මෙරට ගේම් තරුවක් අත්අඩංගුවට

By Sithumi Sep 04, 2021 09:59 AM GMT
Sithumi

Sithumi

Report

දෙමාපියන්ගේ රන් ආභරණ විකුණා වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකු අත්අඩංගුවට අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිය නිවසෙහි තිබූ ලක්ෂ ගණනක රන් බඩු සහ දේපළ විකුණා දමමින් එම ක්‍රීඩාවල නිරත වූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිවැසියන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව යි. අත් අඩංගුවට ගත් සිසුවා මාරවිල – කටුනේරිය ප්‍රදේශයේ පදිචිකරුවෙක් වන අතර, ඔහු මේ වනවිට උසස් පෙළ හදාරමින් සිටිනවා. පසු ව මෙම සිසුවා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

මව සහ පියා විදේශ රැකියාවල නිරත වන මෙම දරුවා හැඳී වැඩී ඇත්තේ සිය මිත්තණිය භාරයේ යි. එක්වර ම නිවසේ තිබූ යතුරුපැදියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ඒ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් යතුරුපැදිය අඩු මුදලකට අලෙවි කර ඇති බවට යි.

ඊට අමතර ව පොලිසිය දිගින් දිගට ම සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් තම මවගේ සහ මිත්තනියගේ රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ ද සොරාගෙන එමඟින් ලද මුදලින් අන්තර්ජාලයේ වීඩියෝ ක්‍රීඩාවල නිරත වී ඇති බවට යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha