වැස්සත් එක්ක හැදෙන අලුත්ම ලෙඩේ මෙන්න - පරිස්සම් නොවුනොත් භයානකයි
වසර කිහිපයකට පසු නැවතත් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම තුළින් පමණක් ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.
මෙම ''චිකුන්ගුන්යා'' රෝගය මේවනවිට හඳුනාගෙන ඇත්තේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙසයි.
''චිකුන්ගුන්යා'' වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදුවනු ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මෙරට තුළ යළිත් චිකන්ගුන්යා රෝගය හිස ඔසවන තත්වයක් මතුව ඇති බවයි.
මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට මඳුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගත යුතු වනු ඇත.
