වසර 103 පෙර වඳ වී ගියායි සිතූ සත්වයෙක් ලංකාවෙන් හමුවෙලාද?
AFP පුවත් සේවයේ වාර්තා කරනුයේ ශ්‍රී ලංකාවේ "චිකිබිල්ලා" නැමැති සත්වයකු හමු වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
වඳ වී ගොස් ඇතැයි සිතූ චිකිබිල්ලා වසර 103 කට පසුව කාලයක් යාල වනෝද්‍යානයෙන් සොයාගෙන ඇතැයි යනුවෙන් 2024 මාර්තු 24 වන දින ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ඡායාරූප කීපයක් සංසරණය වී තිබුණි. එම ඡායාරූපවල කකුල් හතරේ අදාළ නම කී ජීවියා අඳුරු වනාන්තර ප්‍රදේශයක සිටින බවට පෙනෙන්නට තිබුණි.
කෙසේ වෙතත් AFP විසින් මෙසෙ සංසරණය එවන වාර්තා අසත්‍ය බවට පෙන්වා දෙන අතර අදාළ පින්තූර පරිගණක ඔස්සේ සකස් කර ඇති බවට ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානය නිලධාරීන් ද පවසා සිටියේ එවැනි සත්වයකු පිළිබඳ කිසිදු දර්ශනයක් වාර්තා නොමැති බවයි.
මීට අමතරව රජරට විශ්ව විද්‍යාලීය සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වන කනිෂ්ක උකුවල මහතා ද AFP වෙත පවසා සිටියේ ලංකාවේ කිසිදු චිකිබිල්ලා නමින් සත්වයකු නැති බවත් එවැනි සත්වයකු ලෝකයේ සිටීදැයි පවා සැකයක් ඇති බවත්ය.
.........................................
May you Like