අහස උසට ගිය පිටි මිල එකවරම අඩු කළ හැටි මෙන්න..

Sri Lanka Businessman
By Aruna Sep 13, 2022 02:44 AM GMT
Aruna

Aruna

Report

හැටන් සතොස ශාඛාව මගින් වතුකරයේ ජනතාවට තිරිගු පිටි කිලෝවක් රු 310 ක සිල්ලර මිලකට අලෙවි කිරිම සිදු කරනු ලබයි.

පසුගිය සති කිහිපය තුලම හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල දැඩි තිරිගු පිටි හිගයක් පැවතිම නිසා වතු කම්කරුවන් මෙන්ම බේකරි හිමියන්ද දැඩි පිඩාවට පත් වි සිටිහ.

හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට තිරිගු පිටි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය සිමාවකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට නිකුත්කිරිමට පියවර ගෙන ඇත.

මේ අනුව ආනයනික සුදු සහල් කිලෝවක් රු 185 , නාඩු සහල් රු 194 , ලංකා සුදු සහල් රු 210 , ලංකා නාඩු රු 218 , රතු සහල් රු 210 , පොන්නි සම්බා රු 194 , දුඹුරු සිනි රු 310 , සුදු සිනි රු 279 , රතු පරිප්පු රු 429 , නුවරඑලිය අර්තාපල් රු 398 , බි ළුණු රු 175 , හාල්මැස්සෝ රු 1350 වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

සතොස තිරිගු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සිමාවකින් තොරව නිකුත් කිරිම නිසා පාරිභෝගිකයන් විශාල පිරිසක් එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට දිනපතා පැමිණෙන බවයි එම සතොස ශාඛාවේ පාලන අධිකාරිය කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now