කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍ර පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

By Wayomi Feb 10, 2025 06:12 AM GMT
Report

වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර ප්‍රකාශ කරනවා.

ඒ, අනුව ඔහු පවසන්නේ, බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලකට අළෙවි වන බවයි.

එමෙන්ම ශිතකළ කුකුළුමස් සුපිරිවෙළඳසැල්වල රුපියල් 750ක මිල ‍යටතේ අළෙවිවෙන අතර හම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවිවෙන බවත් ඔහු සඳහන් කළා.