පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

Report

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ඊයේ (25) හැකියාව ලැබී ඇත.

අදාළ සැකකරුවන් ඉකුත් 22 වැනිදා මට්ටක්කුලිය පොලිස් වසමේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස්, ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ බවට මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත, මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සදහන් කළේ අදාළ සැකකරුවන් අවුරුදු 23ත් 36ත් අතර වයස්වල පසුවන කොළඹ 15 හා පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි .

සැකකරුවන් අද (26) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ මේ සම්බන්ධව මට්ටක්කුලිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.