AI නිසා IT රැකියා ලෝකයම හෙල්ලෙයි - මේ වසරේ මේ දක්වා 92,000කට රැකියා අහිමියි

Report

කෘතිම බුද්ධිය (AI) වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ තාක්ෂණ සමාගම්වල ආරම්භක මට්ටමේ සහ සාමාන්‍ය IT රැකියා සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

අලුත් තාක්ෂණික පරිසරය තුළ, සේවකයින් 50 දෙනෙකු පමණක් සිටින ආරම්භක ව්‍යාපාර සමාගම් දැන් සේවකයින් 250 දෙනෙකු සමඟ උපයා ගත් ආදායමට සමාන ප්‍රමාණයක් ජනනය කිරීමට සමත් වී තිබේ.

මේ අතර, AI භාවිතය වැඩි කරමින් ලෝකයේ විශාල තාක්ෂණික සමාගම් තම ව්‍යාපාර පුළුල් කරමින් සිටියදී, දහස් ගණනක් සේවකයින් සේවයෙන් පහ කිරීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබේ.

ඉදිරියේදී කන්න බොන්න නැති වෙයිද? ආසියාවට එන දරුණු ආහාර උද්ධමනය ගැන ෆිච් කියන කතාව

ඉදිරියේදී කන්න බොන්න නැති වෙයිද? ආසියාවට එන දරුණු ආහාර උද්ධමනය ගැන ෆිච් කියන කතාව

එම පසුබිම තුළ, ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් අයත් මෙටා සමාගම තම ශ්‍රම බලකායෙන් 10% ක්, හෙවත් සේවකයින් 8,000කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත. මෙම දොට්ට දැමීම් මැයි 20 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

එමෙන්ම, පුරප්පාඩු වූ තනතුරු 6,000ක් පිරවීමේ සැලසුම් ද මෙටා විසින් අත්හැර දමා ඇත. ඇමසන් සමාගම පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සේවකයින් 30,000කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර තිබේ.

විදුලි බිල යළිත් වැඩි වෙයි - 10.3%ක අලුත්ම සංශෝධනය මෙන්න

විදුලි බිල යළිත් වැඩි වෙයි - 10.3%ක අලුත්ම සංශෝධනය මෙන්න

තවත් තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගම, තම වසර 51ක ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම සැලැස්මක් හඳුන්වා දී ඇති අතර, එමඟින් සේවකයින් 8,750කට ආසන්න පිරිසක් ඉවත් විය හැකි බව සඳහන් වේ.

2026 වසරේ මේ දක්වා තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවකයින් 92,000කට වැඩි පිරිසක් රැකියා අහිමි වී තිබේ. Glassdoor වාර්තාවකට අනුව, තාක්ෂණික සේවකයින් අතර රැකියා තෘප්තිය ද වේගයෙන් පහත වැටෙමින් පවතින බව හෙළි වේ.

හෙටත් පළාත් රැසක් රත් වෙයි - දිවයිනේ පවතින උණුසුම ගැන නිවේදනයක්

හෙටත් පළාත් රැසක් රත් වෙයි - දිවයිනේ පවතින උණුසුම ගැන නිවේදනයක්