අයියයි මල්ලී දෙන්නම එක බිරිඳ ගෙනාපු කාලෙකුත් තිබුණා, ඉතින් සිංගල් මාම් කියන්නේ මැජික් එකක් නෙවෙයි-චතුරිකා පීරිස් (PHOTOS)
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියලා කියන්නේ.
ඉතින් අපේ රටේ කළා කරුවන් අතරින් බොහෝම දක්ෂ නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙන තරු යුවලක් විදිහට ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම චතුරිකා සහ ගයාන් ආදරණීය යුවලට මේ වෙද්දී පුංචි සුරංගනාවියක් වගේ ලස්සන හුරතල් දූ සිගිත්තියක් ඉන්නවා. ඉතින් මේ පුංචි හුරතල් ආරාධනා දෝනිගේ හුරතල් මැද ගයන් සහ චතුරිකා යුවල ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් කාටත් රහසක් නම් නෙවෙයි.
කොහොම නමුත් චතුරිකා පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් චතුරිකාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තාම ඔවුන් හරිම සතුටින් ඒ දේ බාර ගත්තා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම දැන් ඇයට හිතෙනවාලු ආරාධනා දියණිය නැතුව ගෙවපු කාලය අපරාදේ කියලත්. ඉතින් ඒ වගේම ඇයට සාමාන්‍ය විදිහට දරුවාව බිහි කරන්න අවශ්‍ය වෙලා තිබුනත් ඒ වෙලාවේ සුදුසුම දේ වුනේ සීසර් සැත්කමක් කිරීම කියලා ඇයට ඇයගේ වෛද්‍යවරයා පවසලා තියෙනවා. නමුත් සීසර් සැත්කමෙන් පසුව පවා ඇයට ලොකු වේදනාවක් තිබුනේ නැහැ කියලයි ඇය පවසන්නේ.
ඉතින් ඇඟ කැත වෙනවට බය වෙලා, ඒ වේදනාවට බය වෙලා සමහරු දරුවෝ හදන්නේ නැහැ කියන්නේ ලොකු මෝඩ කමක් කියලත් ඇය කියනවා. ඉතින් දරුවෙක් ලැබෙනවා කියන්නේ ලොකු වගකීම් වගේම ඒ දේවල් වලට දරුවා ලැබුනට පස්සේ දෙමව්පියන් විදිහට ඉබේම හුරු වෙනවා කියලයි චතුරිකා කියන්නේ. ඒ වගේම කවදාවත් ඇය ඇයගේ ඇඟ ගැන හිතලා දරුවාට කිරි නොදී ඉඳලා නැහැ. නමුත් ඇය රූගත කිරීම් වලට යන දවස් වලට දරුවට එක වේලක් විතර කිරි මඟහැරෙන නිසා
ඒ වෙලා ෆෝමියුලා දෙන්න ඇයට සිදු වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම මව් කිරි වල ගුණාත් අවුරුද්දකින් විතර නැති වෙන නිසා ආරාධනා දෝනිව අවුරුද්දකින් පස්සේ ෆ්‍රෙෂ් මිලක් වලට හුරු කළා කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් ඇය ෆ්‍රෙෂ් මිලක් බොන්න හුරු වෙලා තියෙනවාලු. ඒ වගේම අද සමාජයේ සිංගල් මාම් කියන දේ ගැන වැඩිපුර කතා බහට ලක්වුනාට ඈත අතීතයේ ඉදන්ම ලංකාවේ ඕන තරම් තනි මව්වරු ඉඳලා තියෙනවා කියලත් ඇය කියනවා.
ඒ වගේම ලංකාව කියන්නේ එක ගෙයි සංස්කෘතියක් තිබුණ රටක් නිසා අයියයි මල්ලී දෙන්නම එකම බිරිඳ ගෙනාපු කාලෙකුත් තිබුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඉස්සර අපේ රටේ විවාහය කොලේක ලිය වුනු දෙයක් නෙවෙයි කියලයි චතුරිකා කියන්නේ. ඉතින් ඉංග්‍රීසීන් ලංකාව ආක්‍රමනය කලාට පස්සේ තමයිලු සහතිකේකට අත්සන් කරන්න පටන් ගත්තේ. කොහොම නමුත් නොගැලපීම් එක්ක අසතුටින් දෙන්නෙක් ජීවත් වෙනවාට වඩා හොඳම දේ ඒ දෙන්නා වෙන්වෙන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.







