දරුවකු බලාපොරොත්තුවෙන්.. අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවූ ආදරණීය ගුරුවරිය..
තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නිසි ප්‍රතිකාර නොලැබීමෙන්, මවත් දරු තිදෙනාත් මියගොස් ඇතැයි මවගේ ඥාතීන් පවසනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ගෝනවල පමුණුවිල විද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයයන් ඉගැන්වූ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි ගැබිණි මවක් මෙසේ මියගොස් තිබුණා. ඇය විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් සිටි බව ඇගේ සැමියා පවසන්නේ.
මාකොළ උතුර මාකොල පදිංචි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවීර මහතා මෙසේද පැවසුවා. දරුවා පිළිසිඳ ගත් දා සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ඉකුත් 28 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළා.
ඒ වනවිට කුසට සති විසි තුනක් වන අතර 29 වැනිදා රාත්‍රියේ ඇයට අමාරු වුනා.තිස් වෙනිදා උදේ දැඩි සත්කාර ඒකකයට දැම්මා . දෙවැනි දා හවස් වන විට බිරිඳත් දරු තිදෙනාත් මියගොස් බව දැනුම් දුන්නා. රෝහලේ නොසැලකිල්ල නිසා මෙය සිදුවුණා .
ඒ පිළිබඳව මම ඉදිරියේදී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවිර මහතා චෝදනා කරනවා.
මවගේ සහ දරු තිදෙනාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරිණා.