ChatGPT Plus වසරක්ම නොමිලේ - මේ අවස්ථාවට අයදුම් කරන්න හිමිවන්නේ කාටද?

Report

OpenAI සමාගම විසින් ඉන්දියාවේ සුදුසුකම් ලබන පර්යේෂකයන්ට මාස 12ක කාලයක් නොමිලේ ChatGPT Plus පහසුකම ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ලොව පුරා පර්යේෂකයන් වෙනුවෙන් නව ප්‍රදාන 50,000ක් ලබාදීමේ ගෝලීය වැඩසටහනේ කොටසක් ලෙස මෙම අවස්ථාව ඉන්දියාවට ද හිමිව ඇත.

OpenAI සමාගම නොවැම්බර් 16 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව, මෙම වැඩසටහන යටතේ ලොව පුරා පර්යේෂකයන් 200,000කට පමණ නොමිලේ ChatGPT භාවිත කිරීමේ අවස්ථාව ලබාදීමට අපේක්ෂා කෙරේ.

ඉන්දියාවේ පර්යේෂකයන් සඳහා අයදුම්පත් භාරගැනීම නොවැම්බර් 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම මීළඟ ගෝලීය අයදුම්පත් වටය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන බව ද සමාගම සඳහන් කර තිබේ.

තෝරාගනු ලබන එක් පර්යේෂණ කණ්ඩායමකට මාස 12ක කාලයක් සඳහා ChatGPT Plus ගිණුම් තුනක් හිමිවන අතර, ඉන් එකක් ප්‍රධාන අයදුම්කරුටත් අනෙක් දෙක සහයෝගී පර්යේෂකයන්ටත් ලබාදීමට නියමිතය.

ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්

ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්

නොමිලේ ChatGPT Plus ලබාගැනීමට අයදුම් කළ හැක්කේ කාටද?

OpenAI හි සුදුසුකම් නිර්ණායක අනුව, මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් විද්‍යාව, ගණිතය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතුවල නිරත අධ්‍යයන ආයතනවල පර්යේෂණ පීඨ සාමාජිකයන් සහ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයන් වෙනුවෙන් වෙන්කර තිබේ.

ඒ අනුව අයදුම්කරුවන් තමන් අයත් අධ්‍යයන ආයතනය තහවුරු කළ යුතු අතර, පර්යේෂණ අත්දැකීම් පිළිබඳ තොරතුරු ද ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම පසුගිය වසර තුන ඇතුළත arXiv, bioRxiv හෝ ChemRxiv වැනි පර්යේෂණ ප්‍රකාශන වේදිකාවක සුදුසුකම් ලබන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර තිබීම ද අවශ්‍යතාවකි.

අයදුම්කරුවන් තම පර්යේෂණ කටයුතු පිළිබඳ විස්තර මෙන්ම අධ්‍යයන කටයුතු සඳහා ChatGPT භාවිත කිරීමට අපේක්ෂා කරන ආකාරය ද පැහැදිලි කළ යුතුය.

කෙසේ වෙතත්, අදාළ සුදුසුකම් සපුරාලීම පමණක් අයදුම්පත අනුමත වීම සහතික නොකරන අතර, ආයතනික හා කලාපීය අවශ්‍යතා ද සපුරාලිය යුතුය.

දින 25කදී මංගල උත්සව ලක්ෂ 52ක්,කෝටි ගණනක ආදායමක් - ඉන්දියාවම මඟුල් සක්වළක් වෙලා

දින 25කදී මංගල උත්සව ලක්ෂ 52ක්,කෝටි ගණනක ආදායමක් - ඉන්දියාවම මඟුල් සක්වළක් වෙලා

අයදුම්පත් භාරගැනීම ආරම්භ වන්නේ කවදාද?

ඉන්දීය පර්යේෂකයන් සඳහා අයදුම්පත් භාරගැනීම 2026 නොවැම්බර් 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

සුදුසුකම් ලබන අයදුම්කරුවන් අතර නව ප්‍රදාන 50,000ක් පළමුව පැමිණෙන අනුපිළිවෙළ අනුව ලබාදීමට OpenAI සමාගම සැලසුම් කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම් කිරීමේ කොන්දේසි OpenAI හි නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකිය.

ඇමරිකානු තෙල් සංචිත ඉහළ ගියත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඉහළට- ට්‍රම්ප්ගේ නව යුද සැලසුම් ගැනත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඇමරිකානු තෙල් සංචිත ඉහළ ගියත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඉහළට- ට්‍රම්ප්ගේ නව යුද සැලසුම් ගැනත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පර්යේෂකයන්ට හිමිවන පහසුකම් මොනවාද?

තෝරාගනු ලබන පර්යේෂණ කණ්ඩායම් සඳහා විශේෂ පර්යේෂණ වැඩබිමක් (Research Workspace) හරහා මාස 12ක් නොමිලේ ChatGPT Plus ගිණුම් තුනක් ලබාදීමට නියමිතය. මෙම පහසුකම පර්යේෂණ කටයුතුවල විවිධ අදියර සඳහා උපකාරී වන බව OpenAI පවසයි.

ඒ යටතේ, 

විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යයන ලිපි සමාලෝචනය කිරීම.

පර්යේෂණ උපකල්පන සකස් කිරීම සහ ඒවායේ නිවැරදිභාවය ඇගයීම.

පර්යේෂණ දත්ත විශ්ලේෂණය කිරීම.

පර්යේෂණ සඳහා අවශ්‍ය පරිගණක කේත ලිවීම සහ දෝෂ නිවැරදි කිරීම.

පර්යේෂණ පත්‍රිකා සහ ප්‍රදාන අයදුම්පත් සකස් කිරීම.

යන කටයුතු සඳහා ChatGPT භාවිත කිරීමට පර්යේෂකයන්ට හැකියාව ලැබේ.

මීට අමතරව පර්යේෂකයන්ට පුහුණුව, ප්‍රායෝගික සහාය සහ එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථා ද ලබාදීමට සමාගම සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන හරහා හුවමාරු වන දත්ත, පෙරනිමි සැකසුම අනුව OpenAI හි කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා භාවිත නොකරන බව ද සමාගම සඳහන් කර ඇත.

ඇමරිකානු තෙල් සංචිත ඉහළ ගියත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඉහළට- ට්‍රම්ප්ගේ නව යුද සැලසුම් ගැනත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඇමරිකානු තෙල් සංචිත ඉහළ ගියත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඉහළට- ට්‍රම්ප්ගේ නව යුද සැලසුම් ගැනත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

මූලික වැඩසටහනෙන් හෙළි වූ කරුණු මොනවාද?

OpenAI සමාගම නොවැම්බර් 16 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව, ජූලි මාසයේදී ආරම්භ කළ මූලික වැඩසටහනට මේ වනවිට රටවල් 33කින් පර්යේෂකයන් 20,000ක් පමණ එක්ව සිටිති.

එමෙන්ම විද්‍යාඥයන් සිය පර්යේෂණ කටයුතු සඳහා ChatGPT භාවිත කරන ආකාරය අධ්‍යයනය කරමින් 'Science at the Frontier: How Scientists Use ChatGPT' නමින් වාර්තාවක් ද සමාගම නිකුත් කර තිබේ.

එම වාර්තාව සකස් කිරීමේදී පර්යේෂණ වැඩසටහනට එක්වූ විද්‍යාඥයන් 1,819 දෙනෙකුගේ විද්‍යාත්මක පණිවිඩ 580,000කට අධික සංඛ්‍යාවක් OpenAI හි ආර්ථික පර්යේෂණ කණ්ඩායම විසින් විශ්ලේෂණය කර ඇත.

ඊට අමතරව සහභාගිවූවන් 251 දෙනෙකුගෙන් සමීක්ෂණයක් ද සිදුකර තිබේ. එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ, කෘත්‍රිම බුද්ධියේ සහාය නොමැතිව සමාන මට්ටමේ කාර්යයක් නිම කිරීමට ගතවන කාලය මෙන් 1.9 ගුණයක කාලයක් වැයවීමට ඉඩ තිබූ බවයි.

විද්‍යාත්මක තොරතුරු සමාලෝචනය, සාක්ෂි විශ්ලේෂණය සහ නව පර්යේෂණ අදහස් වර්ධනය කිරීම වැනි කටයුතු සඳහා පර්යේෂකයන් ChatGPT භාවිත කරන බව ද එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රය තුළ දියුණු කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතය ව්‍යාප්ත කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස OpenAI මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කර තිබේ.

ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ

ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ