රටම කළඹපු අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහානායක හිමිවරුන් දැනුවත් කෙරේ

Report

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුවත් කිරීම සිදුකර ඇත.

මෙහිදී මහානායක හිමිවරුන් අවධාරණය කර ඇත්තේ අනුරාධපුර පූජාභූමිය බෞද්ධ උරුමයේ සුවිශේෂී මධ්‍යස්ථානයක් වන බැවින්, එහි ඓතිහාසික හා බෞද්ධ උරුමයන් ආරක්ෂා වන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කමයි.

එමෙන්ම, පූජාභූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

අටමස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කර ඇත්තේ, අනුරාධපුර පූජාභූමියේ උරුමයන් ආරක්ෂා කරමින් බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ විරෝධතාවක් නොමැති බවයි.

මේ අතර, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පෙන්වා දී ඇත්තේ මෙවැනි සංවේදී කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා සහ එකඟතාව මත කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.   

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

අද කාලගුණය වෙනස් වෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අද කාලගුණය වෙනස් වෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්