මහ බැංකුවෙන් හදිසි තීරණයක් - ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, මෙතෙක් සියයට 8.75ක් ලෙස පැවති ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නංවා ඇත.
ඊයේ (19) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.