මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක ගණනාවක ඉල්ලීමක් ඉටුවෙයි – වරලත් ආයතනය ගැසට් කරයි
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, ජුනි මස 05 වැනිදා ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති පනත් කෙටුම්පතට අනුව, මෙම යෝජිත නීති සම්පාදනය මගින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.
ජූනි මස 05 වැනිදා නිල ගැසට් පත්‍රය මඟින් නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පතට අනුව, යෝජිත නීති සම්පාදනය මඟින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වන පූර්ණ බලතල මෙම ආයතනය සතු වන බව දක්වා ඇත.
මෙම පනත් කෙටුම්පතට අනුව යෝජිත ආයතනයේ ප්‍රධානතම අරමුණු ලෙස සුදුසුකම් ලත් මාධ්‍ය වෘත්තිකයන් ආයතනය වෙත බඳවා ගැනීම, ඔවුන්ගේ කුසලතා සහ පුහුණුවීම් තවදුරටත් වර්ධනය කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම, විශේෂ ආචාර ධර්ම පද්ධතියක් මඟින් වෘත්තීය විනය පවත්වාගෙන යාම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමඟ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වේ.
එ ආයතනයේ පරිපාලන කටයුතු මාධ්‍ය ක්ෂේත්‍රයේ තේරී පත්වූ සහ පත් කරන ලද සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ‘පාලන සභාවක්’ (Governing Council) මඟින් මෙහෙයවනු ලබන අතර, එවැනි ස්ථිර පාලන සභාවක් පිහිටුවන තෙක් ආයතනයේ ආරම්භක කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන ‘අතුරු පාලන සභාවක්’ (Interim Council) ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත මඟින් මාධ්‍ය වෘත්තිකයන් යන නිර්වචනයට පුළුල් පරාසයක පිරිසක් ඇතුළත් කර ඇඨ්ඃඇ ඒ අනුව මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, ප්‍රකාශකයන්, විකාශකයන්, පුවත් ඉදිරිපත් කරන්නන් (Anchors/Presenters), මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍ය අධ්‍යාපනඥයින්, පර්යේෂකයන්, තාක්ෂණික ශිල්පීන්, අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators), අන්තර්ගත සංස්කාරකවරුන්, කැමරා ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් මෙම නව වෘත්තීය නියාමන ව්‍යුහයට ඇතුළත් වනු ඇත.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත by poornima