දරුවා ඝාතනය කරනවා කියා කප්පම් ඉල්ලූ දෙදෙනෙක්ට වැඩ වරදීයි

Police spokesman Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 18, 2025 03:56 AM GMT
Hashini

Hashini

Report

රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟිනි.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගිය ජූනි 9 වන දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුවයි.

රිලා සංගණනය අමු බොරුවක් - චාමර ආණ්ඩුවට දෙහි කපයි

රිලා සංගණනය අමු බොරුවක් - චාමර ආණ්ඩුවට දෙහි කපයි

මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් කෝටියක් කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බඩල්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන මැටියගනේ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනොගේ නම් භාවිතා කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිතා කර ඇති බවටයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

තවද මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලය, අපරාධයට යොදාගත් යතුරුපැදිය, කප්පම් මුදලින් ලබාගත් නවීන යතුරුපැදිය හා ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, අපරාධයට යොදාගත් ජංගම දුරකථන කිහිපයක්, එම දුරකථනවල සියලුම සිම්පත්, විවිධ බැංකුවලට අයත් ඒටීඑම් කාඩ්පත්, යතුරුපැදිවල හා ත්‍රීරෝද රථයේ සියලුම ලියකියවිලි ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

 

ReeCha