ඉදිරියේදි කොවිඩ් සුනාමියක්. ඇමති චන්නගෙන් දරුණු අනතුරු ඇඟවීමක්

Sri lanka covid 19 Channa jayasumana
By Sithumi Dec 12, 2021 10:30 AM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එලෙස බූස්ටර් මාත්‍රාව නොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවය.

"බූස්ටර් එන්නත ලබාගන්න නැවත ජනතාව අතර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. බූස්ටර් එන්නත ලබාගන්නේ නැතුව විනෝද වෙන්න ගියොත් දෙසැම්බර් මාසේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්තිවෙන්න වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now