ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක්
ලබන සිකුරාදා (6) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව වෙනස්කම් සිදු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති කාරක සභා රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව, එදිනට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනත් දිනයක විවාදයට ගැනීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට 2026.02.28 දිනැති අංක 2477/46 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශනය ඇතුළු යෝජනා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතයි.
ඊළඟට, ප.ව. 5.00ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත්, ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.
මේ අතර පෙර තීරණය කර තිබූ පරිදි එදින පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
එසේම පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
එසේම බදාදා (04) සහ බ්‍රහස්පතින්දා (05) දිනවල පාර්ලිමේන්තු කටයුතු පෙර පරිදිම සිදු කිරීමට තීරණය කර තිබේ.