රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා දෙනවායි කියා ලක්ෂ 50 ක් අල්ලස් ගත් අයෙකු රිමාන්ඩ්

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට ආධාර කරන බව පවසමින් ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

හිටපු ඇමති සරණට එරෙහි නඩු 4 ක තීන්දු ලබා ලබා දීමට දින දෙයි

හිටපු ඇමති සරණට එරෙහි නඩු 4 ක තීන්දු ලබා ලබා දීමට දින දෙයි

අදාළ නියෝගය අද (03) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නිකුත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.

2021 වසරේදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලමෙලෙසමෙලෙසඇප ලබා ගැනීම සඳහා ආධාර කරන බව සඳහන් කරමින්, එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ ලෙබනන හමුදාව මුරපොළ හතකින් පසුබසී

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ ලෙබනන හමුදාව මුරපොළ හතකින් පසුබසී