වැරදි දේට වැරදියි කියන්න පුළුවන් පෞරුෂයක් ඇති දරුවෙක් නිර්මාණය කරන්න - රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න (VIDEO)

child abuse child protection Chandani senevirathne
By Sithumi Sep 11, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දිනවල දරුවකු ලිංගිකව අපයෝජනය වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය සංසරණයේ ව්මත් සමඟ තමා සහ බොහෝ පිරිසක් ඒ පිළිබඳව කතා කිරීමට නැගී සිටියත් තවමත් එම සිදුවීමට අදාළව කිසිදු පියවරක් ගෙන නොමැති බව තමාට පෙනෙන්නට නැති බවත් තමන් ඒ පිළිබඳව ඉතාමත් ලැජ්ජාවට පත්වන බවත් ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් විසින් සිදුකරන ලද ළමා ආරක්ෂණය සම්බන්ධ "ඉරා අඳුරු පට ඉඩදෙන්න හෙට දිනට" වැඩසටහන් මාලාවට සමගාමීව වීඩියෝ පටයක් ලබාදෙමින්.

ඇය තවදුරටත් කියා සිටියේ දරුවන් ආරක්ෂා කර ගැනීමේ මූලික වගකීම තමන් සතු වන බවත් ඒ සඳහා අන් අයට දොස් කීමත් නීතියේ පිහිට පැතීමටත් වඩා තමන්ගේ දරුවා තමන් ආරක්ෂා කිරීමට වගබලා ගැනීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම කුඩා කල සිටම වැරදි දේට වැරදියි කියන්නත් අකමැති දේට තමා කැමති නැති බව කියන්නත් හැකි දරුවෙකු සමාජයට නිර්මාණය කිරීම දෙමාපියන්ගේ වගකීම බවත් රංගන ශිල්පිනී  චාන්දනී සෙනවිරත්න මහත්මිය තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

සිතුමිණි ගුණවීර

එම වීඩියෝව පහතින් නරඹන්න .


Gallery
ReeCha