චමුදිත එක්ක කතා කළ දෙන්නෙක් පරලොව යවලා.. මීලඟ ඉලක්කය චමුදිත ද? වහාම ඔහුගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලීම් රැසක්..(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Feb 20, 2025 04:17 AM GMT
Aruna

Aruna

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවන් සිදු කළ පුද්ගලයන් දෙදෙනකුම මේ වනවිට ඝාතනයට ලක්වීමත් සමග සමරවික්‍රම මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් මතුව ඇති බව පාර්ශ්ව රැසක් පෙන්වා දී තිබෙනවා.

මීට පෙර පාතාලය අතින් ඇල්පිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඝාතනය වූ අතර හෙතෙම ඝාතනය වීමට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට එක්ව ආන්දෝලනාත්මක අනාවරණයන් රැසක් සිදුකොට තිබීම ද විශේෂත්වයක්.

සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගනී..අලුතින් කරන්න යන විශේෂ දේ මෙන්න.

සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගනී..අලුතින් කරන්න යන විශේෂ දේ මෙන්න.


මීට අමතරව පෙරේදා රාත්‍රියේදී මිද්දෙණිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාද මීට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැසක් සිදු කොට තිබුණා.

ඔහු ඝාතනයට ලක්වූයේ එම ආන්දෝලනාත්මක අනාවරණයන් සිදු කොට දින කිහිපයක් ගෙවුණු තැන වීම ද ප්‍රශ්නාර්ථයකි.

මේ තත්ත්වය යටතේ හිමිවරුන් ඇතුලු පාර්ශ්ව රැසක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් වහාම චමුදිත සමරවික්‍රම හට ආරක්ෂාව ලබා දිය යුතු බවත්, ඔහුගේ ජීවිතයටද තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත් පෙන්වා දෙනු ලබයි.

පසුගිය කාල සීමාවේදී අවස්ථා කිහිපයකදීම චමුදිත සමරවික්‍රම හට තර්ජන එල්ල වී තිබූ අතර වරක් ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීමටද පියවර ගෙන තිබුණා.

මේ අතර ඊයේ දිනයේ මුළු රටම සලිත කරමින් අලුත්කඩේ අධිකරණ භූමිය වූ අධිආරක්ෂිත කලාපයක සිදු වූ බිහිසුණු ඝාතනය තුලින් ද අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.

මෙරට ආරක්ෂක අංශ පිරිවරාගෙන නඩු කටයුතු සිදු කරමින් පවතින මොහොතක එම ඝාතනය සිදු වීම බරපතල කාරණයකි.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..(VIDEO)

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..(VIDEO)


මේ අතර චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡා සිදුකිරිමෙන් පසු මිය ගිය අය ලැයිස්තුව පහත පරිදි වේ.

✅ විෂ ආහාර හා ඒ පිළිබඳ මාෆියාව හෙළිදරව් කල මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂන් කුමාර වෙඩි තබා ඝාතනය.

✅ වෛද්‍ය සේනක ගමගේ අභිරහස් ලෙස මිය යෑම.

✅ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා. (රෝයල් බීච් සමන්)වෙඩි තබා ඝාතනය.

✅ රාජපක්ෂවරු ගැන ප්‍රබල අනාවරණයක් සිදු කල අරුණ විදානගමගේ ( කජ්ජා )වෙඩි තබා ඝාතනය.

මෙවන් බිහිසුණු ඝාතන රැල්ලක් අතර තුර රාජාංගනයේ හාමුදුරුවන් විසින් විශේෂ වීඩියෝවක් ද නිකුත් කළේ රටේ මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වයන් පදනම් කරගෙනය.

එහිදී එම වීඩියෝව මගින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැඩි ලෙස දෝෂාරෝපනයක් එම හිමියන් විසින් එල්ල කර තිබේ.

රාජාංගනයේ හිමියන් පවසන්නේ මීලග ඝාතන ගොදුර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බවයි.

උන්වහන්සේ විසින් නිකුත් කළ එම විශේෂ වීඩියෝව පහතින් නරඹන්න👇


ReeCha