සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගනී..අලුතින් කරන්න යන විශේෂ දේ මෙන්න.

Report

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බිහිසුණු දුම්රිය අනතුරක්..ජීවිත 05ක් අහිමි වෙයි..

බිහිසුණු දුම්රිය අනතුරක්..ජීවිත 05ක් අහිමි වෙයි..


රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම මෙම ඒකකය පිහිටුවීමේ මුලික අරමුණ වී තිබේ.

ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත්තේ, සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බවයි.

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..


මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

You May Like This Video