මාධ්‍යවේදී චමුදිත යළි කරළියට එයි..අද සිදුවූ දේ මෙන්න.(PHOTOS)
By Aruna
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කළා.
චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
කෙසේවෙතත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු නිශ්චිතව හදුනා නොගැනීම කනගාටුවට කරුණක් වනවා.
ඔහුට එල්ලවූ ප්‍රහාරයේ සී.සී.ටීවී දර්ශණ අනුව ලබාගත් ඡායාරූප පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |



