චමුදිතගේ අවනඩුව සී.අයි.ඩීයට..! අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 27, 2022 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළියන්දල පොලීසියෙන් ඉවත් කොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කළේය.

මෙම සිද්ධියෙන් අගතියට පත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

තම සේවාදායකයාට එරෙහිව සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් සිදුව නොමැති බවත්, පොලීසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මෙම ප්‍රහාරය එල්ලවූයේ ඉකුත් පෙබරවාරි මස 14 වැනිදාය. මෙතෙක් එම සිද්ධියට අදාළව කිසිදු සැකකරුවකු පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ නොතිබිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now