මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්න හිතුවේ නෑ - LTTE එක්ක කතා කරලා බේරගන්න හැදුවේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එල්ටීටීඊ සංවිධානය සමඟ යුද්ධ කිරීමට අභිප්‍රායක් නොතිබූ බවත් ඔහු එල්ටීටීඊ සංවිධානය සමඟ සාකච්ඡා කර ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට අදහස් කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසා තිබේ.
වෙබ් අඩවියකට ලබා දුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණි. ඔහු තවදුරටත් කියා සිටියේ, මහින්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එල්ටීටීඊ සංවිධානය සමඟ යුද්ධ කර ජයග්‍රහණය කිරීමට නොවන බවයි. අපගේ කණ්ඩායමේ පීඩනය සහ දිරිගැන්වීම නිසා ඔහුට යුද්ධ කිරීමට සිදු විය.
1996 දී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මම වසර තුනක සැලැස්මක් සකස් කළෙමි. එයට අනුව, අපි වසර තුනකින් යුධ පිටියේදී ත්‍රස්තවාදය පරාජය කළෙමු. එදින, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මම මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් යුත් මැතිවරණ කමිටුවේ සිටියෙමු. රටට පීඩා කරන යුද්ධය අවසන් කිරීමට අපි එකට පැමිණියෙමු. ලෙස ඔහු පවසා තිබේ.