රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි

Report

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් රටම කැළඹූ මහා පරිමාණ මූල්‍ය වංචාකරුවෙකු සහ ඝාතන සැකකරුවෙකු වන 43 හැවිරිදි චම්පික ශ්‍රියාන් ජයසුන්දරගේ පෞද්ගලික ජීවිතය සහ ඔහුගේ විවාහයන් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට හෙළිව ඇත.

ඒ අනුව වල්කැලේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සමාජය ඉදිරියේ තමන් පේරාදෙණිය ප්‍රදේශයේ විශාල තේ වතු සහ හෝටල් හිමි, අලි ඇතුන් පවා සිටින ප්‍රභූ වලව් පැලැන්තියකින් පැවත එන්නෙකු බව සඳහන් කරමින් ඉතා සුඛෝපභෝගී ජීවන රටාවක් මවාපා ඇති බව සඳහන්.

එසේ වුවත් එම බාහිර මවාපෑමට සම්පූර්ණයෙන්ම පටහැනි අතිශය සංකීර්ණ, රහසිගත සහ වංචනික පෞද්ගලික ජීවිතයක් ඔහු විසින් ගත කර තිබෙන බව පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී ඇත.

ඒ අනුව තමන්ගේ සැබෑ අනන්‍යතාවය සඟවා ගනිමින් ඔහු සැබෑ නමට අමතරව තවත් ව්‍යාජ නම් දෙකක් භාවිත කර මෙම සියලු පුද්ගලික සහ ආදර සබඳතා පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන්.

තෙල්දෙණිය කැළඹූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි - මරලා තියෙන විදිහත් මරණ පරීක්ෂණයෙන් එළියට

තෙල්දෙණිය කැළඹූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි - මරලා තියෙන විදිහත් මරණ පරීක්ෂණයෙන් එළියට

සැකකරුගේ සැබෑ විවාහ ජීවිතයේ අතීතය දෙස බැලීමේදී, ඔහු මීට වසර ගණනාවකට ඉහතදී නීත්‍යානුකූලව විවාහ වී සිටි බිරිඳ ඔහුගේ මෙම සාපරාධී සහ වංචනික ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහුව සම්පූර්ණයෙන්ම අත්හැර දමා ගොස් ඇති බව අනාවරණය වී ඇත.

එසේම ඇය එම විවාහයෙන් ලැබුණු දරුවා ද කැටුව සැකකරුගෙන් වෙන්ව ගොස් තිබෙන බවත්, මේ වන විට ඇය විදේශගතව පදිංචිව සිටින බවත් සැකකරුගේ වයෝවෘද්ධ මව විසින් පොලීසියට පවසා තිබෙනවා.

මෙම පළමු නීත්‍යානුකූල විවාහය බිඳ වැටීමෙන් අනතුරුව ඔහු තවත් කාන්තාවන් රැසක් සිය වංචනික දැලට හසුකර ගැනීමට කටයුතු කර තිබෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සමීපතම සහකාරිය වී ඇත්තේ වයස අවුරුදු 35ක් වන ඔහුගේ අනියම් බිරිඳ බව වාර්තා වේ.

ඒ අනුව මෙම කාන්තාව සැකකරුගේ සියලු සාපරාධී ක්‍රියාවන්ට සෘජුවම සහාය ලබා දී තිබෙන අතර ඔවුන් දෙදෙනාට වයස අවුරුදු අටක දියණියක්, අවුරුදු පහක පිරිමි දරුවෙක් සහ අවුරුදු තුනක බාල පිරිමි දරුවෙක් වශයෙන් දරුවන් තිදෙනෙක් වේ.

එමෙන්ම සැකකරුගේ අනියම් බිරිඳ ඇතැම් අවස්ථාවලදී වින්දිත කාන්තාවන් ඉදිරියේ පෙනී සිට ඇත්තේ සැකකරුගේ බාල සහෝදරිය ලෙසින් බවද අනාවරණය වී තිබෙනවා.

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

ඒ අනුව ඔවුන්ගේ පවුලේ වියදම පියවාගැනීමට රැකියාවක් ලෙස සිදු කළේ මුදල් ඇති කාන්තාවන් රවටා මේ ආකාර කොල්ලකෑම් සිදුකිරීම බව ඇය පොලිසියට කියා ඇති බව පවසයි.

එසේම තම දෙමව්පියන් මියගොස් ඇති බැවින් තම සොහොයුරාට වැදගත් පවුලකින් සහකාරියක සොයා දීමට අවශ්‍ය බව කියමින්, ඇය විසින්ම මෙම ව්‍යාජ ඉංජිනේරුවරයාට විවාහ කර දීම සඳහා තරුණියන් හඳුන්වා දී ඇති බව ද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව තරුණියන් තිස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් රවටා කෝටි ගණනින් දේපළ හා මුදල් වංචා කිරීම මෙම යුවළ එක්ව වෘත්තියක් වශයෙන් කරගෙන ගොස් ඇති අතර මෙසේ රවටන ලද කාන්තාවන් සමඟ විවාහ වන බව සඳහන් කරමින් යුරෝපීය රටවලට හෝ කැනඩාවට සංක්‍රමණය වන බව අඟවා ඔවුන්ගේ මුදල් සූරාකෑම සැකකරුගේ ප්‍රධාන උපක්‍රමය වී ඇත.

කෙසේ වුවද සැකකරුගේ මෙම දූෂිත පෞද්ගලික ජීවිතය පිළිබඳව නාරම්මල දඹගිරිගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 79 හැවිරිදි වයෝවෘද්ධ මව්පියන් කිසිවක් නොදැන සිටි බවත් වාර්තා වන අතර පොලීසිය මඟින් තම පුත්‍රයාගේ වංචාවන් පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ මව හඬා වැලපෙමින් ඔහුට සාප කර ඇති බවත් පැවසේ.

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

මේ අතර සැකකරු විසින් සිදු කරන ලද තවත් එක් ප්‍රධාන පෙම් සබඳතාවක් සහ විවාහ වංචාවක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහි පදිංචි තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගත් සැකකරු, ඇය විවාහ කරගෙන කැනඩාවේ පදිංචියට යන බව සඳහන් කර තිබෙනවා.

අනතුරුව ඒ සඳහා මුදල් හිඟයක් පවතින බව සඳහන් කරමින් ඇයගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ඔහු ඉල්ලා ඇති අතර, අඳාළ තරුණිය සිය මවගේ සහ ඇයගේ රන් ආභරණ මෙන්ම නිවස ද උකස් කර එම මුදල සොයා දී ඇත.

පසුව මුදල් ලැබුණු වහාම සැකකරු ඇයව ද අත්හැර පලාගොස් ඇත. කෙසේ වෙතත් ඇය තමා රැවටී ඇති බව නුවරඑළියේ සිදුවීම මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් පසුව වටහාගෙන ඇති බවත් වාර්තා වේ.

ඊට අමතරව විවාහ වන බව පවසා කාන්තාවන් රැවටීමේ චෝදනා මත ඔහුට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය, කඩුවෙල සහ හොරණ යන අධිකරණවල නඩු රැසක් පවතින අතර ඇතැම් නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු ද නිකුත් වී ඇති අතර එක් අවස්ථාවකදී විවාහ පොරොන්දු මත රුපියල් එක්කෝටි දහඅට ලක්ෂයකට අධික මුදලක් ද, තවත් අවස්ථාවලදී ලක්ෂ දාහතක් හා දහතුනක් බැගින් ද ඔහු කාන්තාවන්ගෙන් පමණක් වංචා කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට

කෙසේ වෙතත් මෙම සැකකරුගේ අවාසනාවන්තම ගොදුර බවට පත්වූයේ රත්නායක පතිරණගේ ශාමා දර්ශනී නමැති භෞත චිකිත්සකවරියයි. ඇයව ද කැනඩාවේ පදිංචියට රැගෙන යන බව සඳහන් කර රවටා නුවරඑළියේ හෝටල් කාමරයක නතර කර තිබෙන අතර එහිදී ඇයව ගෙල සිරකර ඝාතනය කර ඇති බව සඳහන්.

ඉන්පසු පරීක්ෂණ නොමඟ යැවීමේ අරමුණින් ඇයගේ කකුලකට කැනියුලාවක් ගසා රසායනික ද්‍රව්‍යයක් ශරීරගත කර ඇය සියදිවි නසාගත් බව ඇඟවීමට සැකකරු උත්සාහ කර තිබෙන බවත් සඳහන්.

ඒ අනුව ඔහු එම තරුණියගේ මළ සිරුර මෝටර් රථයේ ඉදිරිපස අසුනේ තබාගෙන, මහනුවර කුණ්ඩසාලේ පිහිටි ඔහුගේ අනියම් බිරිඳ සහ දරුවන් සිටි තට්ටු නිවාසය වෙත පැමිණ ඇත.

අනතුරුව මළ සිරුර ඉදිරිපස අසුනේ තිබියදීම, ඔහුගේ අනියම් බිරිඳ සහ දරුවන් තිදෙනා පසුපස අසුනේ වාඩි කරවාගෙන ඔවුන් මහනුවර මිතුරෙකුගේ නිවසක් වෙත ගමන් කර, මිතුරාගේ සහය ද ඇතිව සිරුර සහිත මෝටර් රථය තෙල්දෙණිය රෝහල් රථ ගාලේ දමා පලා ගොස් ඇති බව සඳහන්.

ඉන්පසුව සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ තමන්ගේ තුන් හැවිරිදි කුඩා දරුවා ද සමඟ පොලීසිය මඟහරිමින් රටින් පලා යාමට සූදානම් වී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ

තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ

ඔවුන්ගේ අවසාන සැලසුම වී ඇත්තේ මුහුදු මාර්ගයෙන් හොර රහසේ ඉන්දියාවට පලාගොස්, එහි කාලයක් ගත කිරීමෙන් අනතුරුව යුරෝපීය රටකට සංක්‍රමණය වීමයි.

එසේම නාරම්මල මහගෙදර නවතා දැමූ ඔවුන්ගේ වැඩිමල් දරුවන් දෙදෙනා ද පසුව එම රටට ගෙන්වා ගැනීමට ඔවුන් සිතා සිට ඇත. කෙසේ වෙතත් මෙම සැකකරුවන් සැඟවී සිටි ස්ථාන හඳුනා ගැනීමට පොලීසියට මහඟු සහායක් ලැබී ඇත්තේ මහනුවර ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඔවුන්ගේ අට හැවිරිදි දියණිය බව වාර්තා වේ.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දාහත් වැනිදා රැඳී සිටි නිවාස පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකිවී ඇත.

ඒ අනුව පොලීසියට හසු නොවනු පිණිස සැකකරු තමන් තරුණියන් රැවටීමට සැමවිටම භාවිත කළ බොරු කොණ්ඩය ගමන් මල්ලේ සඟවා, තට්ටය වැසෙන සේ තොප්පියක් සහ මුහුණු ආවරණයක් පැළඳ සිටි අතර, ඔහුගේ අනියම් බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස බුර්කාවකින් සැරසී වෙස්වලාගෙන සිට තිබෙනවා.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලාන දූෂණ මර්දන බලකාය එක්ව කළ බුද්ධිමය හා තාක්ෂණික මෙහෙයුමකින් වැල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී මගී බස් රථයකදී මොවුන්ව කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර සැකකරුවන් සහ ඔවුන් සතු වූ වාහන වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය මූලස්ථාන පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි