මම මගේ අම්මට හොඳ දුවෙක් වගේම ගෙදර තනියම හැදුණ ගෑණු ළමයෙක්-ජනප්‍රිය නිලි චමත්කා ලක්මිණී

By Sithumi Jul 29, 2022 12:35 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණී කියලා කියන්නේ. ඉතින් ඇය ගැන පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම කතා බහට ලක්වුණේ ඇය හුස්ම ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වුන ආන්දෝලනාත්මක චරිතය නිසයි.

කොහොම නමුත් දැන් ආදරණීය සැමියයි, පුංචි පුතයි එක්ක සුන්දර පවුල් ජීවිතයක් ගෙවන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. 

ඉතින් ඇය මේ දවස්වල ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පෝලිම්වල කියලයි ඇය කියන්නේ. ඊට අමතරව වැඩ ටිකකුත් කරනවාලු. ඒ වගේම කරන්න තිබුණ වැඩ කිහිපයක්ම අපේ රටේ පවතින තත්ත්වයත් එක්ක පස්සට ගියා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය කලණ ගුණසේකර එක්ක කරපු පියාඹන්න ආයෙත් චිත්‍රපටය තිරගත වීමට නියමිතව තියෙනවා කියලත් ඇය කියනවා. ඊට අමතරව බාරගත්තු චිත්‍රපට දෙකක් රෑගත කරන්නට සූදානමින් ඉන්නවාලු. ඉතින් ඒ වගේම සිනමා නිර්මාණවලට දායක වෙන එකලු ඇයගේ හීනය වුණේ.

ඒ වගේම මෙච්චර දේවල් ඇය කළෙත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මුල් කාලයේදී ඇයට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා කියලත් ඇය කියනවා. හැබැයි ඇය ඒවා බාරගත්තේ නැහැලු. ඉතින් ඇයගේ පළමු ටෙලි නිර්මාණ වන බ්ලැක් පූල් කියන නිර්මාණයට ඇය මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවාලු. ඒ වගේම ඉදිරියට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේදී හොඳ වෙනස් විදියේ නිර්මාණ ආවොත් බාරගන්නවා කියලත් ඇය කියනවා.

හැබැයි මෙගා නාට්‍ය නම් ඇය බාරගන්නේ නැහැලු. ඉතින් ඒ වගේම පුංචි කාලේ ඇයගේ හීනය වුණේ වෛද්‍යවරියක් වෙන එකලු. හැබැයි ඒක ඉතින් ගොඩාක් දරුවන් දකින හීනයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පොඩි කාලේ දැක්කේ කලාවට යොමුවුණ පරිසරයක්ලු. ඇයගේ ලොකු තාත්තා සහාය අධ්‍යක්ෂවරයෙක්ලු. ඒ වගේම ඇයගේ තාත්තත් කලාවට සම්බන්ධයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ පරිසරය ඇය දැක්කාලු. ඒ වගේම තමන්ට තමන්වම සොයාගැනීමේ නිදහස ඇයට ඒ කාලේ ඉඳන්ම වුවමනා වෙලා තිබුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ නිදහස ඇයට මේ කලාව තුළින් ලැබුණාලු. ඉතින් ඒ වගේම ඇය පුංචි කාලේ ඉදන්ම ගෙදර එකම ළමයාලු. ඇයගේ ඥාති සහෝදරයන් පවා හිටියේ අයියලා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ගෙදරට හරි කීකරු දරුවෙක් කියලත් ඇය කියනවා. හැබැයි එළියට ගියාට පස්සේ දඟයිලු. ඉතින් ඒ වගේම ඉස්කෝලේදී ඉගෙනීම හොඳ වගේම ගුටිකන කණ්ඩායමේත් හිටියා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ක්‍රීඩා කළාලු. ඉතින් ඇය අම්මට හොඳ කීකරු දුවෙක් වගේම ගෙදර තනියම හැදුණ ගෑනු ළමයෙක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇයගේ ළමා කාලය ඇත්තටම සුන්දර නැහැ කියලත් ඇය කියනවා. ඇයගේ අම්මයි ඇයයි ජීවිතේ ගොඩාක් දුක් විඳපු දෙන්නෙක්ලු. ඒ වගේම ඇයව මේ තැනට ගේන්න ඇයගේ අම්මා ගොඩාක් දුක් වින්දා කියලත් ඇය කියනවා. ඒ කාලේ ඔවුන්ට ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබුණලු. ඒ වගේම ඇයගේ තාත්තා අම්මගෙන් වෙන්වෙලාලු හිටියේ. ඉතින් ඇයගේ අම්මා තරුණ ගෑනු කෙනෙක් විදිහට ඇයව හදාගන්න සෑහෙන්න කැප කිරීමක් කරපු කෙනෙක් කියලත් ඇය කියනවා. ඉතින් දැන් තමයිලු ඇයගේ මව එයාගේ ජීවිතේ පොඩ්ඩක් හරි විඳින්නේ. දැන් ඇයගේ අම්මා ඉන්නේ ඉතාලියේලු. ඉතින් අම්මා අද ජීවිතේ වින්දට එදා ඇය වෙනුවෙන් ඇයගේ ජීවිතේ ගොඩාක් විඳවන්න ඇති කියලත් ඇය කියනවා. ඉතින් එදා ඇයට තිබුණ හීනය හෙට කන්නේ කොහොමද කියන හීනය විතරමයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඇයගේ අම්මටයි, ඇයටයි දෙන්නටම තිබුණේ එහෙම හීනයක් වගේම බලාපොරොත්තුවක් විතරයි කියලත් ඇය කියනවා. ඉතින් ඇයට කවදාවත් මෙහෙම වාහන අරගෙන, ගෙවල් අරගෙන ජීවිතයක් ගෙවන හීනයක් තිබුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය තෝරාගන්න රස්සාවක් එක්ක මේ ක්ෂේත්‍රය කියන්නේ ගොඩාක් හම්බ කරලා පොදි ගහගෙන ඉන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි කියලත් ඇය කියනවා. ඉතින් ඇයට අද මේ ගෙවන ජීවිතය ලබන්න ඇයගේ අම්මා වගේම ඇයගේ සැමියාත් ගොඩාක් උදව් කළාලු. ඉතින් ඒ වගේම ඇයගේ අම්මා ඒ කාලේ ඉතාලියේ හැමෝම කරනව වගේ ගෙවල්වල, හෝටල්වල වැඩකළාලු. තව ආච්චිලා බලාගත්තාලු. හැබැයි දැන් ඇයගේ අම්මා ආයෙත් විවාහ වෙලා ඒ දෙන්නා ඉතාලියේ ඉතා හොඳ රස්සාවල් දෙකක් කරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය දැන් විවාහ වෙලා ඉන්න ඇයගේ සැමියාගේ නම මිථිල මුහන්දිරම්ලු. ඒ වගේම ඔවුන්ට අවුරුදු දෙකහමාරක චූටි පුතෙකුත් ඉන්නවාලු. ඉතින් එයාගේ නම බිනෝල් අග්‍ර මුහන්දිරම් කියලයි ඇය කියන්නේ. ඒ වගේම චූටි පුතාට පුංචි කාලේදීවත් ඇයගෙන්වත් යැපෙන්න ඕන නැති විදිහට එයාට හැදෙන්න නිදහස ලබා දීලලු තියෙන්නේ. ඉතින් මේ ලෝකය දැක්ක දවසේ ඉඳන් ඇයගේ පුතා පුළුවන් තරමක් එයාගේ වයස මට්ටමටත් වඩා එයා තනියම එයාගේ වැඩ කරගන්න උත්සාහ කරන දරුවෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම අදටත් ඇය කවනවාට වඩා එයා තනියම එයාගේ බත් ටික කනවාලු.

ඒ වගේම පොල් සම්බෝලයි බතුයි වුණත් ඇයගේ අවුරුදු දෙකහමාරේ දරුවට කන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ තත්ත්වයට ඇය ඇයගේ දරුවව හදලලු තියෙන්නේ. ඒ වගේම ඇයගේ ළමයාට කොළඹ හොඳ පාසලක් ලැබුණේ නැත්නම් ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න ඇයට පුළුවන් කියලත් ඇය කියනවා. ඉතින් ඒ දරුවාට හොඳ පරිසයක් ඇය ගෙදර හදලලු තියෙන්නේ. ඉතින් ඒ නිසා බොහෝම නිදහසේ දරුවව හදන්න ආසයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ