අයර්ලන්තය හඬවමින් චමරි අතපත්තු ගැසූ සුපිරි ශතකය

Report

2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය.

ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.3ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් පහසු ජයක් හිමිකර ගත්තේය.

මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 106ක් රැස් කරමින් අතිවිශිෂ්ට පිතිහරඹයක නිරත වූවාය. ඇයගේ ශතක ඉනිමට හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

චමරිගේ ආක්‍රමණශීලී හා නායකත්වයෙන් පිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට හැකි වූ අතර, ඇය තරගයේ වීරවරිය ලෙසද නම් කෙරිණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ තම අපේක්ෂාවන් තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.