සුබ පැතුම් මැද්දේ චමරි අතපත්තුට වීශේෂ තනතුරක්

Report

ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පත් කර තිබේ.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින මෙම කමිටුවට මෙවර පත් කළ එකම ශ්‍රී ලාංකික නියෝජිතයා චමරි අතපත්තු වීම විශේෂත්වයකි.

සියලුම රාජ්‍ය සේවකයන්ට 15,16,17 වැඩ කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නීතියක්

සියලුම රාජ්‍ය සේවකයන්ට 15,16,17 වැඩ කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නීතියක්

මෙම උපදේශක කමිටුව ඔස්ට්‍රේලියා ටෙස්ට් නායක පැට් කමින්ස්, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්, නවසීලන්තයේ ඩැරල් මිචෙල් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් වැනි ලොව ප්‍රබල ක්‍රීඩකයින් පිරිසකගෙන් සමන්විත වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව ඉදිරියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතය.

ප්‍රවීණ මාධ්‍යවේදියෙක් දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙක් දිවි සැරිය නිම කරයි