චමරි සහ කණ්ඩායම අද ඉන්දියාවට [PHOTOS]
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි-20 තරග 5 කින් සමන්විත ඉන්දියානු තරග සංචාරය සඳහා වූ සංචිතය දෙසැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. කණ්ඩායම අද (17) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ උප නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබේ. පිතිකරණය ශක්තිමත් කරමින් හසිනි පෙරේරා සහ නිලක්ෂි ද සිල්වා ඇතුළත් වන අතර, පන්දු යැවීමේ අංශයේ එකම පළපුරුදු ක්‍රීඩිකාව ලෙස ඉනෝකා රණවීර පමණක් සිටීම විශේෂයෙන් කැපී පෙනේ.
මෙතෙක් ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති නිමේෂා මදුෂානිට (යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ) මෙවර සංචිතයට කැඳවීම් ලැබීම ආකර්ෂණය දිනා තිබේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ඉන්දියාවේදී ද්විපාර්ශ්වික විස්සයි-20 තරගාවලියක් ක්‍රීඩා කළේ 2016 වසරේදී වීමද විශේෂත්වයකි.





