රිමාන්ඩ් කර සිටින චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප වෙයි
රුපියල් මිලියන 8.4ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමර සම්පත් දසනායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
පොස්පේට් වෙළෙඳාමේ නිරත පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් මිලියන 8.4ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා මත හිටපු අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි
පෞද්ගලික සමාගම් වෙත පොස්පේට් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී මෙම අල්ලස් ඉල්ලීම සහ ලබාගැනීම සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ නඩුවේ විභාග කටයුතු සඳහා හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.