පොලීසිය මඟහැර බීමතින් යකා නැටූ ලංගම රියදුරාට අධිකරණයෙන් දුන් 'ජීවිතාන්තය දක්වා' දඬුවම මෙන්න
පොලිස් අණ නොතකා බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට කොළඹ අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබේ.
අදාළ රියදුරාට ඊයේ (19) බස් රථය නතර කරන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කර ඇතත්, එම නියෝගය නොතකා ඔහු බස් රථය ඉදිරියට ධාවනය කර ඇති බව වාර්තා වේ.
පසුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය පසුපස හඹා ගොස් නතර කර පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය රියදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට නියෝග කර ඇත.