මිලියන ගාණක වංචාව ගැන චාමර කට අරිද්දි එහෙම ආධාරයක් ලැබිලත් නැල්ලු - මිලයන 35ටම වෙච්ච දෙයක් නෑ

Report

අද( 06) දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ලබා දී ඇති බව පවසන මූල්‍යමය ආධාර සම්බන්ධයෙන් විශාල වංචාවක් සිදුව ඇති බවට කරුණු සඳහන් කළා.

එහිදී ඔහු විසින් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් අතුරු ප්‍රශ්නයක් විමසමින් සඳහන් කළේ,

" මුදල් ආධාර පරිත්‍යාග කරපු රටවල්වලින් ලැබිලා නෑ කිව්වා.ඩොලර් මිලියන එක්ලක්ෂ හැටහයදාහක් දීලා තියෙනවා කියල කියනවා ඒ වගේම ලංකාවේ මුදලින් මිලියන 49.8ක්. මේ ආයතනය සම්බන්ධයෙන් හරියටම හොයලා බලන්න. පිටරටකින් අපේ රටට ආධාර දෙනවනම් සාමාන්‍යයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න ඕනේ. 2019 දි මම හිතන විදිහට අවසර අරගෙන නැහැ. ඒ වගේම මිලියන 49.8න් මිලියන 12කවත් වැඩක් වෙලා නෑ"

නැවතත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවිඩයක් - අගමැතිනියගෙන් පොරොන්දුවක්

නැවතත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවිඩයක් - අගමැතිනියගෙන් පොරොන්දුවක්

ඊට පිළිතුරු වශයෙන් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ,

" ජපන් රට තමා මේකට ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය තමයි උපකාර කරල තිබුණේ. උපකරණ විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. හැබැයි මට ලැබුණ තොරතුරු අනුව කිසිදු මුදල් පරිත්‍යාගයක් සිද්ධ වෙලා නෑ ජපන් රට හෝ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය හරහා. අවශ්‍ය නම් නැවත සොයා බැලීමක් කරන්න පුළුවන්. "

එහිදී නැවතත් දෙවන අතුරු ප්‍රශ්නය යොමු කරමින් චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ,

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

" මුදල් ලැබිලා නැත්තේ නෑ ලැබිලා තියෙනවා මේකේ ලොකු වංචාවක් වෙලා තියෙනවා කියලා කියන්නේ. මොකද ඩීඅයිජී රේණුකා ජයසිංහ සම්බන්ධවයි තව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සම්බන්ධවයි. මේවා සමහර විට පොලිස්පතිතුමා දන්නෙත් නැතුව ඇති. මෙතන ලොකු වංචාවක් වෙලා තියනවා. මේ ගැන හොයලා බලන්න. මේකේ ලොකු මුදල් වංචාවක් වෙලා තියනවා ලංකාව මුදලින් මිලියන 49. 8ක් ලැබිලා තියෙනවා. වියදම් කරලා තියෙනවා, ටෙන්ඩර් දාලා බඩු අරන් තියෙනවා. මිලියන දොළහක විතර තමයි අරන් තියෙන්නෙ මිලියන 35ක විතර ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. මේ ගැන හොයලා බලන්න" යනුවෙන්.

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්