රාජපක්ෂ ප්‍රභලයකුට කොවිඩ් ආසාදනය වෙයි..
වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ වනවිට අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.
මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ, ඩී.වී චානක, මන්ත්‍රීවරුන්වන එස් බී දිසානායක ,අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ ඩයනා ගමගේ යන අය මෙම 07 දෙනා ද නිරෝධායනයට යොමු වී සිටිනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ට කොවිඩ් ආසාදනයවීම නිසා මෙසේ නිරෝධායනයට යොමු ව එඉතිනවා.
සෙසු මැති ඇමැතිවරුන් නිරෝධායනයට යොමුවී සිටින්නේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසයි.
තමාගේ රියදුරෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා නිරෝධායනයට යොමුවූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
නිවසේ සේවකයකුට කොවිඩ් ආසාදනය වීම නිසා තමා නිරෝධායනයට යොමුවූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ.
තමාද නිරෝධායනයට යොමු වී සිටින බව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා තහවුරු කළා.
චමල් රාජපක්ෂ මහතාත් මීට පෙර නිරෝධායනය වී සිටි අතර නිරෝධායන කාලය අදින් අවසන් වීමට නියමිතව තිබියදී මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
මෙම මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදී ඡන්දය පාවිච්චි කිරීමටද මේ හේතුවෙන් සහභාගී වුණේ නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |