තුන් වැනි චාල්ස් රජුගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්..
By krishani
මෙම සති අන්තයේ දී ලොව ප්‍රබල රටවල් රැසක රාජ්‍ය නායකයන් ලන්ඩනය බලා පැමිණීමට නියමිතව ඇති අතර ඒ අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සඳහා ය.
එලෙස පැමිණෙන රාජ්‍ය නායකයන්ට තුන් වැනි චාල්ස් රජු විසින් බකිංහැම් මාලිඟයේ දී අනිද්දා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට ද නියමිත ව තිබෙන අතර ඒ සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුළු ලොව ඉහළ පෙළේ නායකයින් රැසක් ද එක්වීමට නියමිතය.