චීනයෙන් මුළු ලෝකයටම සතුටුදායක ආරංචියක්..

China World
By Aruna Jun 25, 2024 02:29 AM GMT
Aruna

Aruna

Report

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇති බව වාර්තා වනවා.

‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, කුඩා යානාවලින් සමන්විත මවු යානයකි. කක්ෂීය යානයක් (ඕබිටර්), පතිත කරවන යානයක් (ලෑන්ඩර්) සහ ඉහළට එසවෙන යානයක් (ඇසෙන්ඩර්) ඇතුළත් වීම විශේෂත්වයක්.

වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍

වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍


සඳෙන් පස් එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ යානයේ කැප්සියුලය පෘථිවියට පැමිණෙනු ඇත්තේ, සැලැසුම් කළ පරිදි සහ පෙර ලබා දී තිබුණු උපදෙස් අනුව බවයි පැවසෙන්නේ.

‘චැංග් ඊ 6’ කැප්සියුලය පැරෂූට් ආධාරයෙන්, වේගය පාලනය කර ගනිමින්, මධ්‍යම මොංගෝලියාවේ, චීනයට අයත් සීසීවැංග් පළාතේ හුදෙකලා ප්‍රදේශයකට පතිත කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..


මෙහෙයුම ක්‍රියාත්මක කළ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ විද්‍යාඥයන්, චීන හමුදාව එක් වී, පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.