කොළඹ කොටස් වෙළඳපොළෙන් නව වාර්තාවක්
මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී සමත්විය.
ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46 ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5 ක්වූ ඉහළ අගයේ වාර්තාව අභිබවා යාමකි.
අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84කින් ඉහළම ගොස් තිබුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.34 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,265.35 ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.