ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කිරීම ගැන විශේෂ හෙළිදරව්වක්..අලුත් ආණ්ඩුව තෙල් සංස්ථාවේ කරන දෙයක් ගැනත් විශේෂ අනාවරණයක්.(VIDEO)

Report

අපේ රටේ පැවති ආණ්ඩු බලයෙන් පහ කිරීමටත්,නව ආණ්ඩුව බලයට ගෙන ඒමටත් රටේ පැවති ප්‍රධාන ප්‍රශ්නයක් නම් ඉන්ධන අර්බුධයයි.

මේ අනුව ඉන්ධන සඳහා අධික බද්දක් පැනවීම නිසා ඉන්ධන මිල ඉහළ අගයක පවතින බව වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර ප්‍රකාශ කරනු ලැබීය.

තෙල් මිල එකවරම යළි ඉහළ යයි..වෙනස් වූ නව මිල ගණන් මෙතනින් දැන ගන්න..

තෙල් මිල එකවරම යළි ඉහළ යයි..වෙනස් වූ නව මිල ගණන් මෙතනින් දැන ගන්න..


තවද ඉන්ධන සංස්ථාවේ සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් අධික වැටුප් ගනිමින් වංචා දූෂණ සිදු කරන බව පසුගිය කාලය පුරා කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක සිදුවීම් බවට පත් විය.

එවන් තත්ත්වයක පසුගිය ආණ්ඩුවේ විවිධ සංස්ථා වල සභාපතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය වත්මන් ආණ්ඩුවේ උදවිය දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.

වත්මන් සභාපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඛනිජ තෙල් සංස්ථාවේ අධික වැටුපක් ලබමින් සිදු කරන අනවශ්‍ය වියදම් ගැන විශේෂ හෙළිදරව්වක් සමගි සන්ධාන වෘත්තීය සමිති ඒකාබද්ධ සම්මේලනය විසින් කර තිබේ.

ඉල්ලා අස්වූ කථානායක ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි…උපාධිය ගෙනාවොත් ඔක්කොම හරි.

ඉල්ලා අස්වූ කථානායක ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි…උපාධිය ගෙනාවොත් ඔක්කොම හරි.


ඒ අනුව එම සන්ධානය පවසන්නේ, ඉන්ධන මිල රුපියල් 50කින් පමණ පහත හෙළිය හැකි බවත්, විදුලි ගාස්තුව 35%කින් අඩු කළ හැකි බවයි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න👇