මූල්‍ය ගණුදෙනු සම්බන්ධව මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Apr 23, 2023 01:25 AM GMT
Aruna

Aruna

Report

මූල්‍ය ගනුදෙනුවලදී තම රහස්‍ය අංක (ඕටීපී) සොරාගැනීමෙන් යම් මූල්‍ය වංචාවකට ගොදුරු වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ළඟම පොලිසියට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී තිබෙනවා.

එවැනි වංචාවකට ගොදුරුවීමට අමතරව එවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ද ළඟම පොලිසියට හෝ මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි කළ හැකි බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.

වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්වලදී එනම් පෙ.ව 8.00 සිට ප.ව 4.15 දක්වා 011-2477125 සහ 011-2477509 යන දුරකථන අංක ඇමතීමෙන් ද මේ ගැන මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි ඉදිරිපත් කරීමට හැකිව ඇත.

එසේම අදාළ සාක්ෂි වශයෙන් මුදල් තැන්පත් කළ හෝ තැන්පත් කිරීමට පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල ස්ක්‍රීන් ෂොට් යනාදිය 076-5200290 (වට්ස් ඇප්) යන දුරකථන අංකයට යොමු කරන ලෙස ද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now