පෙබරවාරි 01 දට පෙර බලපැවැත්වෙන විදිහට ගැසට් කරන්නැයි ලංවීමෙන් බලශක්ති ඇමතිට ලිපියක්
ලංකා විදුලි බල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පත් කළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සිය සේවක පිරිස මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්.
එම දීර්ඝ ලිපියෙන් අදාළ සේවක පිරිස කියා ඇත්තේ පත් කළ දිනය තීරණය කර යළි තහවුරු කළද මෙතෙක් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් නොකිරීම නිසා ඔවුන් මේ වන විට ගැටලු රැසකට පත්ව ඇති බවයි.
එසේම අදාළ ලිපියෙන් බලශක්ති අමාත්‍යවරයාට එම සේවක පිරිස දන්වා ඇත්තේ අනුප්‍රාප්තික ආයතන වෙත අනුයුක්ත වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක කාලයක් ලබා දුන්නේ නම් එම නීත්‍යානුකූල තීරණය ගත් සේවකයින්ට මේ වන විට ඔවුන්ගේ ජීවිතය සැලසුම් කරමින් ඉදිරියට යාමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ කුමන කාරණයක් මතද යන්නයි.
තවද ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය මඟින් අදාළ විශ්‍රාම ගැන්වීමේ දින වකවානු තහවුරු කර තිබියදී අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නොකරන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලු සහගත වන බවද දන්වයි.
ඒ හේතුවෙන් එම දිනය පෙබරවාරි 01 වැනි දිනට හෝ ඊට පෙර බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කිරීම, සේවයෙන් නිදහස් වීමට අවසර දීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව අවධානය යොමු කරමින් කඩිනමින් එම ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අඳාළ ලිපියෙන් දන්වා ඇත.
බලශක්ති අමාත්‍යවරයා වෙත ලංකා විදුලි බල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස විසින් යැවූ ලිපිය පහතින් දක්වා ඇත.
2026 ජනවාරි 10 දිනැති විදුලිබල මණ්ඩලයේ VRS සේවකයින් විසින් අමාත්_යවරයාට යවන ලද ලිපිය by poornima