බස් රථවලට CCTV සහ GPS අනිවාර්ය කිරීමට සැරසෙයි....

Sri Lanka Police Sri Lanka Parliament Sri Lanka
By Hashini Nov 11, 2023 04:10 AM GMT
Hashini

Hashini

Report

මගී ප්‍රවාහන බස් රථවල CCTV කැමරා සවි කිරිම අනිවාර්ය කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති සහ ප්‍රවාහන පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසිනි.

එසේම මගී බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී GPS තාක්ෂණය තිබීම අනිවාර්ය කරන ලෙසද කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මගී ප්‍රවාහන බස් රථ සඳහා CCTV කැමරා සවි කිරීමේ අවශ්‍යතාව එම රැස්වීමට පැමිණ සිටි පොලිස් නිලධාරින් විසින් අවධාරණය කර තිබෙනවා.

එසේම කමිටුවේදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග බොහොමයක පාඩු ලබන බවත් පාඩු ලබන අධිවේගී මාර්ග පවත්වාගෙන යනු ලබන්නේ ලාබ ලබන අධිවේගී මාර්ගවල ලාභයෙන් බවත්ය.

මෙහිදී සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ QR කේතයක් භාවිත කරමින් සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසයි. 

ReeCha