ශිරාන් බාසික්ගේ පියාගෙන් CCIBය කෝටි ගණනක දේපොළ ගැන ප්‍රශ්න කරයි
By Malith Madushan
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් නිවසක් ශිරාන් බාසික් විසින් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එම නිවස ඔහුගේ පියාගේ නමින් මිලදී ගෙන ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව, මෙම දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරාන් බාසික්ගේ පියාට අද (11) දිනයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. මේ සම්බන්ධයෙන් CCIBය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තා වේ.