ඩොලරයේ අගය පහළට- අද ප්‍රධාන බැංකුවල වෙනස් වුණු අලුත්ම රේට්ස් මෙන්න
බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ඇතැම් බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 332ක් ආසන්නයේ නොවෙනස්ව පවතින බව වාර්තා වේ.
සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.35ක් සහ විකුණුම් අනුපාතිකය රු. 333.60ක් ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.00ක් වන අතර, විකුණුම් අනුපාතිකය රු. 333.00ක් ලෙස පවතී. මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 324.55 සිට රු. 324.45 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 332.60 සිට රු. 332.50 දක්වා අඩු වී තිබේ.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 322.85 සිට රු. 322.60 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.75 සිට රු. 332.50 දක්වා අඩු වී ඇත.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.50ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 332.50ක් ලෙසත් නොවෙනස්ව පවතින බව සඳහන් වේ.