ලෝවක් ආදරය කළ ඩයනා කුමරියගේ ප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට

Report

 බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත ඩයනා කුමරිය විසින් පැළඳි, පසුව ලොව පුරා ‘Revenge Dress’ ලෙස ප්‍රකට වූ කළු පැහැති ඇඳුමක් වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 1994 වසරේ ලන්ඩනයේ සර්පෙන්ටයින් ගැලරියේ පැවති උත්සවයකදී ඩයනා කුමරිය මෙම ඇඳුම පැළඳ සිටියාය.

එදිනට පැය කිහිපයකට පෙර එවකට චාල්ස් කුමරු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කැමිලා පාකර්-බෝල්ස් සමඟ පැවති අනියම් සබඳතාව පිළිබඳව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබුණි.

ග්‍රීක ජාතික නිර්මාණ ශිල්පිනී ක්‍රිස්ටිනා ස්ටැම්බෝලියන් විසින් නිර්මාණය කළ, උරහිස් රහිත කළු සිල්ක් සන්ධ්‍යා ඇඳුමකින් සැරසී ඩයනා කුමරිය එම අවස්ථාවට පැමිණීම එවකට විශාල මාධ්‍ය අවධානයකට ලක්විය. පසුව එම ඇඳුම ‘Revenge Dress’ ලෙස ජනප්‍රිය විය.

වෙන්දේසිය සංවිධානය කරන ආයතනය පවසන්නේ එම ඇඳුම ඇමරිකානු ඩොලර් 300,000ක් පමණ, එනම් බ්‍රිතාන්‍ය පවුම් 220,000ක් පමණ මිලකට අලෙවි විය හැකි බවයි. වෙන්දේසිය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිතය.

“යුද්ධ දෙකක් මැද ලෝක බලවතුන් එකම මේසයකට - BRICS සමුළුවේ තීරණාත්මක පෙළගැස්ම මෙන්න”

“යුද්ධ දෙකක් මැද ලෝක බලවතුන් එකම මේසයකට - BRICS සමුළුවේ තීරණාත්මක පෙළගැස්ම මෙන්න”

1997 වසරේ ඩයනා කුමරිය විසින් ඇගේ ඇඳුම් 79ක් පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින් අලෙවි කළ අවස්ථාවෙන් පසු, මෙම ඇඳුම පළමු වරට වෙන්දේසියකට ඉදිරිපත් වන්නේ මෙවර බව Sotheby's සඳහන් කරයි.

Sotheby's හි ගෝලීය Handbags and Fashion අංශ ප්‍රධානී මෝගන් හලීමි සඳහන් කර ඇත්තේ ඩයනා කුමරිය විලාසිතාව යනු වෙනම භාෂාවක් ලෙස භාවිත කළ හැකි බව සහජයෙන්ම අවබෝධ කරගෙන සිටි බවයි. එවකට ඇගේ විලාසිතා උපදේශිකාව වූ ඇනා හාවි පවසා ඇත්තේ, එදින ඩයනා කුමරියට “ඩොලර් මිලියනයක් වටිනා පෙනුමක්” ලබා ගැනීමට අවශ්‍ය වූ බවයි.

අරමුදල් රැස් කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඇය අවසන් මොහොතේ තම ඇඳුම වෙනස් කර තිබූ අතර, කළු පැහැති අත්බෑගයක්, කළු සපත්තු යුගලයක් සහ රාජකීය ආභරණයක් සමඟ මෙම ඇඳුම තෝරාගෙන තිබුණි.

ඩයනා කුමරිය එම අවස්ථාවට පැමිණි Vintage Jaguar XJ40 මෝටර් රථයද මේ වසර මුලදී වෙන්දේසියකදී පවුම් 66,250කට අලෙවි වී තිබේ. කෙසේ වෙතත්, ‘Revenge Dress’ සඳහා ඊට වඩා සැලකිය යුතු ඉහළ මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩයනා කුමරියගේ ඇඳුම් සඳහා ඉහළ මිලක් ලැබුණු පළමු අවස්ථාව මෙය නොවේ. 2023 වසරේ නිව්යෝර්ක්හි Sotheby's වෙන්දේසියකදී සුදු බැටළුවන් රැසක් අතර කළු බැටළුවෙකුගේ රූපයක් සහිත ඇගේ ප්‍රකට ස්වීටරයක් පවුම් 920,000කට අලෙවි විය.

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් හදිසියේ ඉන්දියාවට - බලවතුන් රැසක් එක් වී කරන්න යන දේ

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් හදිසියේ ඉන්දියාවට - බලවතුන් රැසක් එක් වී කරන්න යන දේ