පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි- සජීවී විකාශය සහ අද දිනයේ විශේෂතා මෙන්න[LIVE]

Report

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී තිබේ අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.

ඉන් අනතුරුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත

 පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර තිබේ. 

සජීවී විකාශය පහතින් නරඹන්න